Tuesday, February 10, 2026
Follow Us
කොරෝනා යළි මෙරටට එයි. මෙරට පළමු ශ්‍රීලාංකික රෝගියා IDH රෝහලේ !!

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයකු පළමු වරට මෙරටින් වාර්තා වී තිබේ. මීට පෙර ශ්‍රී ලංකාවෙන් වාර්තා වූයේ චීන ජාතික කොරෝනා රෝගියකු වූ අතර ඉතාලියෙන් සහ කටාර් රාජ්‍යයෙන් කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු පිළිබඳ වාර්තා වී තිබිණි.

කෙසේවෙතත් මේ වනවිට අංගොඩ, IDH රෝහලෙහි ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික සංචාරක මඟ පෙන්වන්නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළිවූ බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ.

එය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා MRI පරීක්ෂණයක් ද සිදුකරන බව ඒ මහතා සඳහන් කළේය.

(LNW)