දෙමළ ජාතික සන්ධානය පමණක් නොව කවුරුන් කෙසේ කුමක් ප‍්‍රකාශ කළද, යුද අපරාධ සම්බන්ධයෙන් මින් ඉදිරියට ජාත්‍යන්තර මට්ටමේ කිසිදු පරීක්ෂණයක් සිදු නොවන බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා 4 දා යාපනයේදී පැවසීය.
යාපනයේ මාධ්‍ය සමාජ ශාලාවේදී මාධ්‍යවේදීන් ඇමතූ ශිවාජිලිංගම් මහතා කියා සිටියේ ලෝකයේ සෙසු රටවල්ද ශ‍්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් අවශ්‍ය බව කියා සිටියත් මින් ඉදිරියට ඒ සම්බන්ධයෙන් කිසිවකුත් කිසිදු පරීක්ෂණයක් නොපවත්වන බව ඉතා පැහැදිලි බවයි.
ජිනීවා මානව හිමිකම් කමිටුව විසින් ශ‍්‍රී ලංකාවට කොතෙක් අවවාද කරනු ලැබූවත් කොතරම් ප‍්‍රකාශ නිකුත් කළත් මේ සම්බන්ධයෙන් මීට වඩා අ`ගලක් හෝ ඉදිරියට කටයුතු නොකරන බවද ශිවාජිලිංගම් මහතා කියා සිටියේය.
(Lanka Leads)