Saturday, July 05, 2025
Follow Us
නව පොලිස්පති චන්දන වික්‍රමරත්න?

නව පොලිස්පතිවරයා පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තවත් දෙසතියකින් රැස්වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලබන 15දා විශ්‍රාම ලැබීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොලිස්පති ධූරයට පත් කළ යුතු සුදුස්සකු හෝ සුදුස්සන්ගේ නම් කතානායකවරයාට යැවෙනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි.පාර්ලිමේන්තුව විසුරැවා හැර ඇතත් නව පාර්ලිමේන්තුව පත්වන තෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මකය. එහි සභාපති වන්නේ කතානායක කරු ජයසූරිය මහතාය.

අභිනව පොලිස්පති ධූරයට සම්බන්ධව නොයෙක් ආරංචි පැතිර යතත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ දැනට වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින චන්දන වික්‍රමරත්න මහතා එම තනතුරට පත්වීමට ඉඩ ඇති බවය.

(Lanka Leads)