Friday, July 04, 2025
Follow Us
රට සිට එන ලාංකිකයන් නිරෝධායනයට ශරියා විශ්වවිද්‍යාලය අද සිට සූදානම්

කෝවිඩ් -19 වෛරසය සීග්‍රයෙන් පැතිර යන දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් දින 14ක නිරෝධායනය සඳහා නම් කළ මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය සහ හැඳල ලාදුරු රෝහලේ අද (09 වැනිදා) සිට එම කටයුතු ආරම්භ කරන බව වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.

ඒ අනුව මෙරටට පැමිණෙන ගුවන් මගීන් ගුවන් තොටුපළේ සිට එම නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යාම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සූදානම් කර ඇති බවද හෙතම කීවේය. එසේ පැමිණෙන මගීන් පළමුව මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යන බවත්, එහි ඉඩකඩ ප්‍රමාණවත් නොවුණහොත් පමණක් අනිකුත් මධ්‍යස්ථාන දෙකට මගීන් රැගෙන යන බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

(Lanka Leads)