භික්‍ෂූන් වහන්සේ දේශපාලනයෙන් ඉවත් විය යුතු බවට ඇතමුන් කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අදහස් පළ කළා.
උන්වහන්සේ කියාසිටියේ එවැනි තීරණයකට එළඹෙන්නේ නම් එය වරද්දා ගැනීමක් බවයි.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබද සොයා බැලෙන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත ප‍්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකට ප‍්‍රතිචාර දක්වමින් උන්වහසේ මේ බව ප‍්‍රකාශ කළා.
ඉදිරි මහ මැතිවරණය සදහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තරග කරන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් උන්වහන්සේගෙන් මෙහිදී විමසීමක් කළා.
එහිදී "ඉල්ලීම් ඉදිරිපත් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ ඇති වෙලා තියෙන ගැටළු ගැන මට වඩා හොඳින් කවුරුන් හරි කතා කරලා තියෙනවාද?. ප්‍රශ්න කතා කරන්න කොතන හරි තැනක් හදලා දීලා තියෙනවාද? මේ හිස් මිනිස්සු මැද්දේ කුමක් හෝ අපිට කරන්න පුළුවන් නම් අපි උත්සහ කරනවා ඒක කරන්න. හැබැයි ඒක අයාලේ යන විදිහට නෙමෙයි..ඒ අවස්ථාව අපිට ලැබෙන්නේ නැත්නම් නිහඬව පාඩුවේ කරගෙන යන වැඩ ටික කරගෙන යනවා." යනුවෙන් සඳහන් කෙරුණා.
(Neth)