නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාට අයත් මඩකළපු පෞද්ගලික විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතා කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් දින 14ක කාලයක් එහි රඳවා තබාගෙන නිරෝධායනයට ලක් කෙරෙණු ඇත.
හැඳල, හේකිත්ත ලාදුරු රෝහල ද මීට පෙර කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් නම් කර තිබෙන අතර ඊට අමතරව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ද කොරෝනා නිරෝධායනය සඳහා යොදා ගැනීමටයි රජය තීරණය කර ඇත්තේ.
(LNW)