Tuesday, February 10, 2026
Follow Us
ඉතාලියේ සහ කොරියාවේ සිට එන අය හිස්බුල්ලාගේ ශරියා විශ්වවිද්‍යාලයට

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාට අයත් මඩකළපු පෞද්ගලික විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතා කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් දින 14ක කාලයක් එහි රඳවා තබාගෙන නිරෝධායනයට ලක් කෙරෙණු ඇත.

හැඳල, හේකිත්ත ලාදුරු රෝහල ද මීට පෙර කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් නම් කර තිබෙන අතර ඊට අමතරව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ද කොරෝනා නිරෝධායනය සඳහා යොදා ගැනීමටයි රජය තීරණය කර ඇත්තේ.

(LNW)