Thursday, May 15, 2025
Follow Us
පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට ගෙනයන වැඩපිළිවෙල මදි – ප්‍රහාරය ගැන රජයේ ඉහළම තනතුර දරපු පුද්ගලයාගෙන් පවා ප්‍රශ්න කළ යුතුයි – කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකු දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ කර නොගත යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

පසුගිය ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුව ද සිදුකරන පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

රාගම තේවත්ත දේවස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙමඅදහස් පල කළේය.

මේ අතර මත් උවදුරු මැඩලීම සදහා අවශ්‍ය ක්‍රියා මාර්ගගන්නා ලෙස මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද සිදු කළේය.

(Lanka Leads)