Tuesday, February 10, 2026
Follow Us
කොරෝනා කර්මාන්ත සේවකයන්ගේ වැටුපටත් තට්ටු කරයි

කෝවිඩ්-19 වසංගතය චීනය තුළ ව්‍යාප්ත වීමත් සමග ශ්‍රී ලංකාවේ ඇඟලුම්, නිෂ්පාදන ආදී කර්මාන්තවලට දැඩි බලපෑමක් එල්ල වීම නිසා කර්මාන්ත ආයතන පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට වැටී ඇති බව වාර්තා වේ.

ඊට හේතු වී ඇත්තේ සියලුම කර්මාන්තවල නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය වැඩි වශයෙන් චීනයෙන් ආනයනය කිරීමයි.

එරට කොරෝනා වසංගතය වැඩිවීමත් සමග මෙරට ආයෝජකයන් අමුද්‍රව්‍ය අපනයනයද අඩු වී ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය හේතුවෙන් වෙනත් වර්ෂවල මෙන් පෙබරවාරි, මාර්තු මාසවල පවතින කර්මාන්තශාලාවල අමතර වැඩද අඩුවී ඇති බව සේවකයන් පවසයි.

(Lanka Leads)