Saturday, July 05, 2025
Follow Us
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තව තවත් පහළට. ලංකාවේ ජනතාවට සහන නෑ !

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (06) දිනය වනවිට තවත් පහළට වැටී තිබිණි. ඇමරිකානු WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 41.28ක් ලෙස 4.62%කිනුත් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 45.27ක් ලෙස 4.72%කින් පහළ බැස තිබේ.

කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙසේ පසුගිය මාස දෙක තුළ බොරතෙල් මිල සීඝ්රයෙන් පහළ වැටෙමින් පවතින නමුත් ශ්‍රී ලංකාවෙහි ඉන්ධන මිල අඩු කිරීමට රජයේ අවධානය මෙතෙක් යොමුවී නොමැත.

ශ්‍රී ලංකාවෙහි අවසන් වරට ඉන්ධන මිල සූත්‍රය අනුව මිල සංශෝධනයක් සිදු කෙරුණේ 2019 සැප්තැම්බර් මාසයේදී වන අතර ඒ වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පැවතියේ ඇමරිකානු ඩොලර් 63ක මට්ටමේය.

(LNW)