Friday, July 04, 2025
Follow Us
නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය යුද හමුදාවෙන් කොරෝනා මධ්‍යස්ථානයක් කරයි

හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.එම්. හිස්බුල්ලා විසින් මඩකලපුව පුන්නානිහි ඉදිකළ නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට යුද හමුදාව විසින් පියවර ගෙන ඇත.

.ඒ අනුව දකුණු කොරියාව සහ ඉතාලිය යන රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට නිරෝධායන පහසුකම් මෙහි සපයනු ලැබේ.

එකවර පුද්ගලයින් 450කට පමණ මෙහි නවැතැන් පහසුකම් සැපයීමේ හැකියාව ද ඇතැයි හමුදාව පවසයි. ‍මෙම විශ්වවිද්‍යාලය පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසුව යුද හමුදාව යටතට පත්කර ඇති අතර එහි 06 වැනි ගජබා රෙජිමෙන්තුවේ කදවුරක්ද පිහිටුවා තිබුණි.

(Lanka Leads)