Friday, July 04, 2025
Follow Us
සහරාන් මෙහෙයවූ මොළකරුවන් 7ක් ගැන හෙළිදරව්වක්… නීතිඥයන්, ඉංජිනේරුවන් සහ වෛද්‍යවරුන් ඒ අතර

පාස්කු ප්‍රහාරය එල්ල කරන ලද සහරාන් හෂිම්ට මුදල් ලබාදෙමින් ඔහු මෙහෙය වූ බව කියන පුද්ගලයින් 7 දෙනෙකු හදුගා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

ඒ අතර නීතිඥවරයෙක්, ඉංජිනේරුවෙක්, වෛද්‍යවරුන් දෙදෙනෙක්, වාහන අලවිකරුවන් දෙදෙනෙක් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරුවලින් දැනගන්නට ඇත. ‍මේ වන විට ඔවුන් හත්දෙනාම මෙරටින් පළාගොස් සැගවී සිටින බව හෙළි වී ඇත.

ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටපෝල් සහ බුද්ධි අංශ සහය ඇතිව මෙම පිරිස කොටුකර ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකය. සහරාන්ගේ මුල් පුරුක් මේ අය බවටත් අනාවරණය වී ඇති බවත් මොවුන් ධනකුවේරයන් බවත් වාර්තා වේ.

(Lanka Leads)