Wednesday, May 14, 2025
Follow Us
උතුර නැගෙනහිරට ස්වයං පාලනයක් ඕනෑ…කොටි ඩයස්පෝරාව මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි

උතුර නැගෙනහිර ද්‍රවිඩ ජනතාව හමුදා පාලනය යටතේ සිටින බව දක්වමින් ඔවුන්ට ස්වයංපාලනය ලබාදීමට කි‍්‍රයාකරන ලෙස ඉල්ලන ලිඛිත යෝජනාවක් කොටි ඩයස්පෝරාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇත.

මෙම ස්වයංපාලන යෝජනාව රහසිගතව මානව හිමිකම් කවුන්සිලයට යොමුකර ඇත්තේ ප‍්‍රංශ කොටි ඩයස්පෝරා ප‍්‍රධානි මරියදාස් බොස්කෝ බව අනාවරණය වී තිබේ.

මියගිය කොටි කි‍්‍රයාකාරීන්ගේ සහ අතුරුදන් වූවන්ගේ පවුල්වලට රහස් පොලිසිය හිරිහැර කරන බවත් උතුරේ ජනතාවට ඒකරාශීවීමට හමුදාව ඉඩ නොදෙන බවටත් මෙම ලිඛිත යෝජනාවේ දක්වා තිබේ.

එසේම උතුරේ සිංහල පොලිසිය සහ හමුදාව විශාල ලෙස ස්ථානගතව සිටින බවද රජය ති‍්‍රකුණාමලයේ සිංහල ජනතාව පදිංචි කර ඇති බවද එහි තවදුරටත් සඳහන් කර ඇත.

(Lanka Leads)