Tuesday, February 10, 2026
Follow Us
එජා විශේෂ නියෝජිතගේ ජිනීවා වාර්තාව රජය ප්‍රතික්‌ෂේප කරයි

ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව මැර කණ්ඩායම් සමඟ එකතු වී ආගමික පාර්ශ්වවලට පහරදුන් බවට චෝදනා කරමින් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අහමද් ෂහිද් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබූ වාර්තාව ශ‍්‍රී ලංකා රජය ප්‍රතික්‌ෂේප කර ඇත.

සාවද්‍ය තොරතුරු රැසක් රැගත් මේ වාර්තාවෙන් බෞද්ධ භික්‍ෂූන් වහන්සේටද චෝදනා එල්ල කර තිබුණි.

මාර්තු 2 දා සවස මේ වාර්තාව මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කර තිබුණි.

2019 වසරේ ශ‍්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිත අහ්මද් ෂහිද් මාවනැල්ල බුදුපිළිම කැඞීම සහ මාවනැල්ල ඉඩමක තිබී පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමේ සිද්ධිය තම වාර්තාවට ඇතුළත් කර නොතිබුණි.

මොහුගේ එම වාර්තාව ප‍්‍රතික්‍ෂේප කරමින් ජිනීවාහි වැඩබලන ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මානව හිමිකම් සමුළුව අමතා පැවසුවේ එකී වාර්තාව වැරදි සහගත බවයි.

(Lanka Leads)