නව කොරෝනා වෛසරය ව්‍යාප්තව ඇති රටවල සිට පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් හැඳල ලාදුරු රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට හැඳල ප්‍රදේශවාසීන් විරෝධය දක්වනවා. ඊට විරෝධය පළකරමින් ඔවුන් අද (05) හැඳල-හේකිත්ත මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත විය.
ප්‍රදේශවාසීන් පවසන්නේ අධික ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි හැඳල රෝහල මේ සඳහා භාවිතා කිරීම අවදානම් සහගත බවයි. ඒ් සඳහා ජනශූන්‍ය ප්‍රදේශයක් තෝරා ගන්නා ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
හැඳල රෝහල අසල පාසල්, ආගමික ස්ථාන, වෙනත් රෝහල් ආදී පොදු ස්ථාන රැසක් පිහිටා තිබෙන බැවින් මෙම රෝහලේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමෙන් ජන ජීවිතවලට ගැටලු ඇතිවිය හැකි බව විරෝධතාකරුවන් පෙන්වා දෙනවා.
ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය ඇතුළු කොරෝනා වෛරසය ව්‍යාප්තව ඇති රටවල සිටන පැමිණෙන සියලු පුද්ගලයන් දින 14 ක නිරෝධායන කාලසීමාවකට යටත් කිරීමට සෞඛ්‍ය බළධාරීන් තීරණය කර ඇති අතර ඒ සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස හැඳල රෝහල භාවිතා කරන බව ඊයේ (04) සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේය.
(LNW)