දිළිඳුකම තුරන් කිරීමේ වැඩපිළිවෙළ යටතේ සෑම දිළිඳු පවුලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව රුපියල් 1000 ක් වටිනා ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් ලබාදීමට නියමිතය.
එම සහන මල්ල රුපියල් 500 ක මුදලකට ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව ඉතිරි රුපියල් 500 ක මුදල රජය විසින් දරනු ලබයි.
මසකට එක් වරක් පමණක් අඩු ආදායම්ලාභී පවුලකට මෙම සහන මල්ල ලබා ගැනීමට හැකියාව ලැබේ. ඒ සඳහා එම පවුල් වෙත විද්‍යුත් කාඩ් පතක් නිකුත් කරන අතර එම කාඩ්පත භාවිතා කර සතොස ආයතනයෙන් අදාල සහන මල්ල ලබාගත හැකිය.
(LNW)