Sunday, April 26, 2026
Follow Us
ශ්‍රීලංකන් හිටපු සභාපතිට සහ බිරිඳට ඇ‍ප !

මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ඇපමත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (04) නියෝග කළේය.

ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 20 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 200 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන්නේ.

සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කර ඇති අතර සෑම මසකම අවසන් ඉරිදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගම වෙත එයාර් බස් වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේදී ඔවුන් දෙදෙනා අල්ලස් ලබාගෙන ඇති බවට එල්ල වූ චෝදනා මත සැකකරුවන් දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබේ.

(LNW)