Tuesday, February 10, 2026
Follow Us
මහ ඡන්දෙන් දිස්ත්‍රික්කයකට පත්වන මන්ත්‍රී ගණන මෙන්න

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඒ ඒ දිස්ත්‍රික්කවලින් තෝරා පත්කර ගන්නා මන්ත්‍රි සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අනුව වැඩිම මන්ත්‍රීන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පත්කර ගැනීමට නියමිත අතර එම සංඛ්‍යාව 19කි.

මීට අමතරව නාම යෝජනා පත්‍රයකට ඇතුළත්විය යුතු අපේක්ෂකයන් සංඛ්‍යාව හා ස්වාධීන කණ්ඩායමක් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල පිළිබඳවත් එම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

මැතිවරණය සඳහා ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂ විසින් ඇප මුදල් තැන්පත් කිරිමක් අවශ්‍ය නොවේ.

(Lanka Leads)