Wednesday, May 14, 2025
Follow Us
මුස්ලිම් පක්ෂයක් ශරියා ක්‍රියාත්මක කරන්න සැරසෙයි

එක්තරා මුස්ලිම් නාමයක් සහිත දේශපාලන පක්ෂයක ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව තුළ ශරියා නීතිය ක්‍රියාත්මක කිරීම එම පක්ෂයේ අරමුණ බව යැයි ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ දැක්වේ.

වාර්ගික හා ආගමික නාමයන් සහිත දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන අරමුණු අන්තර්ගතව ඇති බවද කාරක සභා වාර්තාව ප්‍රකාශ කරයි. බොහෝ දෙමළ දේශපාලන පක්ෂවල නමට යෙදෙන ඊළාම් යන පදය අරුත් ගන්වන්නේ ‘‘වෙන්වූ රාජ්‍යයක්, යන්න බවද එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි වගන්තිය වන ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් යන්න අභියෝගයට ලක්කරන බවද එම කාරක සභාව පෙන්වා දේ.

එම නිසා මෙරට වාර්ගික සංහිඳියාව සහ ආගමික සහජීවනයට බාධා කරන දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම හා ක්‍රියාකාරිත්වය අත්හිටුවන ලෙසට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර සිටී.

(Lanka Leads)