Saturday, May 04, 2024
Follow Us
පාන් පිටි ආනයනකරුවන්ට තවත් මහා පරිමාණ බදු සහන – මැතිවරණ සමයේදී වී මිල වැට්ටවීමේ කුමන්ත්‍රණයක්.

මීට පෙර පසුගිය දෙසැම්බර් 15වැනි දින මාසයක කාලයකට පමණක් බලපැවැත්වෙන බවක් සඳහන් කරමින් භාණ්ඩාගාර චක්‍ර ලේඛනයක් මගින් පාන් පිටි ආනයන කරුවන්ට කිලෝග්‍රෑම් එකකට රුපියල් 28ක බදු සහනයක් ලබා දුන් අතර ඉන් පසුව ජනවාරි 16 වැනි දින භාණ්ඩාගාර ලේකම් වරයාගේ නියෝගය අනුව තවත් අමතර රුපියල් 13 බදු සහනයක් ලබා දී ඇත.

වී අස්වනු නෙළන සමයේ දී පාන් පිටි වලට සහන ලබා දෙන්නේ ඉදිරියේ කාලයේදී වී මිල පහත වැටීම මගින් ආණ්ඩුව අමාරැවේ දැමිමටදැයි භාණ්ඩාගාරයේ පහළ නිලධාරීන් ප්‍රශ්න කරති.

ඊට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමැතියක් හෝ ජනාධිපතිතුමා දැනුවත් කිරීමක් සිදුවී නොමැති බවද නිළධාරීහු පවසති.

(Lanka Leads)