Friday, May 03, 2024
Follow Us
අධික උණුසුමෙන් ආරක්‍ෂාවන්න උපදෙස් මාලාවක්

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්‍ෂාව සදහා ගතහැකි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

අධික උෂ්ණත්වය හේතුවෙන් රෝගී තත්ත්වයන්ට පත්වන පුද්ගලයින් රෝහල් ගතවීමේ ප‍්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන කායික රෝග විශේෂඥ වෛද්‍ය පි‍්‍රයංකර ජයවර්ධන.

අධික උෂ්ණත්වයක් පවතින මෙම කාලසීමාවේදී එළිමහනේ සිදුකරන කි‍්‍රයාකාරකම්වලින් වැළකීමද යෝග්‍ය බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. ඒ සම්බන්ධයෙන්ද කායික රෝග විශේෂඥ වෛද්‍ය පි‍්‍රයංකර ජයවර්ධන මෙලෙස අදහස් පළ කළා.

අධික උෂ්ණත්වය පවතින මෙම කාලසීමාවේදි වැඩි වශයෙන් ජලය පානය කරන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණා. අද දිනයේ ද ප‍්‍රදේශ රැසක උෂ්ණත්වය ඉහළ යා හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර ඇත්තේ.

(Neth)