Saturday, May 04, 2024
Follow Us
ශී‍්‍ර ලංකාව ගැන මානව හිමිකම් කොමසාරිස්වරිය අද කරුණු දක්වයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් මිචෙල් බැචලේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසි වාරය අද ඇමතීමට නියමිතව තිබෙනවා.

ශී‍්‍ර ලංකාව සම අනුග‍්‍රාහකත්වය දැරූ යෝජනාවලින් ඉවත් විම සම්බන්ධයෙන්ද ඇය එහිඳී ප‍්‍රතිචාර දක්වනු ඇති බවයි වර්තා වන්නේ.

මේ අතර ලංකාව සම අනුග‍්‍රාහකත්වය දරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පසුගිය රජය සමයේ ගෙන ආ යෝජනා ව්‍යවස්ථාවට පටහැනි බවට සිදු කෙරෙන ප‍්‍රකාශ ප‍්‍රතික්‍ෂේ්ප කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතා විදේශ සබ`දතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ අදාල යෝජනාවලට සම අනුග‍්‍රහය දැක්වීම තුළින් පසුගිය රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම උල්ලංඝණය කර ඇති බවයි.

කෙසේවෙතත් ජිනීවා මානව හිමිකම් සැසි වාරය අමතමින් විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ කියාසිටියේ ඉකුත් ආණ්ඩුව ගත් තීරණ හේතුවෙන් රටේ ගෞරවය පිළිබද අර්බුදයක් මතුව ඇති බවයි. ශී‍්‍ර ලංකාව ගෝලීය දේශපාලන කි‍්‍රයාවලියේදී චෙස් ඉත්තෙකු කර නොගන්නා මෙන්ද අමාත්‍යවරයා මානව හිමිකම් සැසිය අමතමින් ඊයේ කියා සිටියා.

ශී‍්‍ර ලංකාව සම අනුග‍්‍රහයෙන් ඉවත් වුවද මානව හිමිකම් රැකීමට කැපවී සිටින බවයි විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහිදි අවධාරණය කර සිටියේ.

(Neth)