Tuesday, February 10, 2026
Follow Us
දිවයින පුරා ගුරු - විදුහල්පතිවරුන් අද වැඩවර්ජනයේ !

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කරගනිමින් අද (26) දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් දියත් කිරීමට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබේ.

මම එක්දින වැඩවර්ජනයට ගුරු සංගම් 30ක සහයෝගය ලැබී ඇති බවයි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ.

පසුගිය වසර ගණනාවක් තිස්සේ ඇදි ඇදී පැමිණි මෙම වැටුප් ගැටළුවලට විසඳුම් ලබාදීමට වත්මන් ආණ්ඩුව ද කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා හෙයින් මෙසේ වර්ජනයකට අවතීර්ණ වීමට සිදුව ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

(LNW)