Thursday, April 02, 2026
Follow Us
ශී‍්‍ර ලංකාවට එරෙහි යෝජනාව ඉදිරියටම ගෙන යන්න… කොටි ඩයස්පෝරා සංවිධාන 35 ක් ඉල්ලයි

ශී‍්‍ර ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ඉදිරියටම ගෙන යන ලෙස කොටි ඩයස්පෝරා සංවිධාන 35 ක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් ගෙන් ඉල්ලා ඇත.

මේ යෝජනාව සම්මත වූවක් නිිසා මානව හිමිකම් කවුන්සිලයට එය ඉදිරියටම ගෙන යා හැකි බව එම සංවිධාන කියා සිටී.

මේ අතර ජිනීවා යෝජනාවෙන් ශී‍්‍ර ලංකා රජය ඉල්ලා අස් වුවත් එය 2021 මාර්තු මස යළි මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරේ.

එහිදී ඡුන්ද විමසීමක් ද පැවැත්වෙනු ඇත.

2015 සැප්තැම්බර් මස සම්මත වූ ජිනීවා යෝජනාවෙන් ශී‍්‍ර ලංකා රජය ඉල්ලා අස්වීම පිළිගන්නේද නැද්ද යන්න ගැන මානව හිමිකම් කවුන්සිලය ලබන සතියේදී තීරණයක් දීමට නියමිතය.

(Lanka Leads)