Tuesday, February 10, 2026
Follow Us
පාලන මිල නිසා ලොකු ළුෑනු සැර බහී

ආනයනික ලොකු ළුෑනු සදහා උපරිම මිලක් නියම කිරීමත් සමග වෙළදපොළේ ලොකු ළුෑනු මිල අඩු වී තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී ආනයනික ලොකු ළුෑනු අද අළෙවි කෙරුණේ කිලෝග්‍රෑම් එකක් රුපියල් 150 ත් 155 ත් අතර මිලකටයි.

මේ අතර ආනයනික ලොකු ළුෑනු මිල ඉකුත් දිනවල ඉහළ ගොස් තිබුණේ වෙළදපොල මාෆියාවක් නිසා බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සංගමය පවසනවා. උපරිම මිලක් නියම කිරීමත් සමග එම මාෆියාව බිද වැටුණු බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ. මේ, එහි සභාපති චන්න ඇරැව්වල.

පැවති ලොකු ළුෑනු මාෆියාව බිද දැමීම සම්බන්ධයෙන් රජයට කෘතඥ වන බවද මෙහිදි ප්‍රකාශ කෙරුණා.

(Neth)