Tuesday, February 10, 2026
Follow Us
ජනපතිගේ ප‍්‍රකාශය ගැන කොටි ඩයස්පෝරාවෙන් ජිනීවාට පැමිණිල්ලක්

අතුරුදන් වූවන් මියගොස් ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළ ප‍්‍රකාශය ගැන කොටි ඩයස්පෝරාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක් කර ඇත. යාපනයේ රාජ්‍ය නොවන සංවිධාන සංසදය වෙනුවෙන් ප‍්‍රංශ කොටි ඩයස්පෝරාව මෙම පැමිණිල්ල කර තිබේ.

මෙම පැමිණිල්ලේ ආරක්‍ෂක ලේකම් කමල් ගුණවර්ධන සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන්ගේ නම්ද සඳහන් කර ඇත.

ජිනීවා නුවර ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ ප‍්‍රංශ කොටි ඩයස්පෝරාවේ නායක මරියදාස් බොස්තෝ විසින් මේ පැමිණිල්ල ගොනුකර ඇති බවයි.

(Lanka Leads)