Tuesday, February 10, 2026
Follow Us
රථ වාහන හැසිරවීමට යුධ හමුදාව එක්වෙයි

රථ වාහන හැසිරවීමේ රාජකාරිය සඳහා අද සිට යුධ හමුදාව එක්කර තිඛේ.

දිනෙන් දින වැඩි වන මාර්ග තදබදය අවම කර ගැනිම මෙහි අරමුණ වී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමට උපදෙස් ලබා දුන් බවයි යුධ හමුදා මාධ්‍ය ඒකකය පැවසුවේ.

කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල උදෑසන සහ පස්වරුවේ රථ වාහන පොලිසියේ සහයට යුධ හමුදාවේ පොලිස් රෙජිමේන්තුවේ නිලධාරීන් අනුයුක්ත කර ඇත.

(Aruna)