Tuesday, February 10, 2026
Follow Us
දෙමළ ඩයස්පෝරාව කැළඹෙයි

ජිනීවා යෝජනාවෙන් රජය ඉවත් වන බවට තීරණය කිරීම නිසා කලබලයට පත් වූ කොටි ඩයස්පෝරාවේ සංවිධාන 17 ක් ඊයේ (23 වැනිදා) ජිනීවා නුවරට පැමිණ මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම යෝජනාවෙන් රජය ඉවත්වීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් ‘දිවයින’ ට විශේෂ ප‍්‍රකාශයක් කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ‍්‍රී ලංකා නියෝජිත පාලිත කොහොන මහතා කියා සිටියේ මේ යෝජනාව සම්මත වූවක් බැවින් දිගටම ක‍්‍රියාත්මක වන බවයි.

2021 මාර්තු මස සිට ද මේ යෝජනාව ක‍්‍රියාත්මක වීමේ ප‍්‍රවණතාවක් ඇති බවට ද හෙතෙම අනතුරු ඇඟවීය.

(Lanka Leads)