Wednesday, May 14, 2025
Follow Us
විසඳුම් ලැබෙන තුරු වනජීවී නිලධාරීන් අඛණ්ඩවම වැඩවර්ජනයේ

පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ කළ වැඩ වර්ජනය සිය ඉල්ලීම් සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලැබෙන තුරුම අඛණ්ඩව පවත්වාගෙන යන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමය පවසයි.

තම රාජකාරී දීමනා නිසි ලෙස ලබාදෙන මෙන් ඉල්ලමින් වනජීවී නිලධාරීහු මේ වනවිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නියැළී සිටිති.

එම සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසුවේ හෙට (23) දිනයේදී විෂය භාර අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.

(LNW)