Wednesday, November 25, 2026
Follow Us
තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමට පියවර

පවතින වර්ෂාපතනය හේතුවෙන් තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් අඟල් 6 බැගින් අද (25) රාත්‍රී 10.00ට විවෘත කිරීමට සැලසුම් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) විසින් නිකුත් කළ නිවේදනයට අනුව, මෙම වාන් දොරටු විවෘත කිරීමත් සමඟ මී ඔය වෙත තත්පරයට ඝන අඩි 220ක ජල ධාරිතාවක් මුදා හැරීමට අපේක්ෂා කෙරේ.

මේ හේතුවෙන් තබ්බෝව ජලාශයෙන් පහළ මී ඔය ගංගා ද්‍රෝණියේ ගංගාව දෙපස වෙසෙන ජනතාව ගංගාවේ ජල මට්ටම ඉහළ යාම පිළිබඳව දැඩි සැලකිල්ලෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ඉදිරියේදී ජලාශයට එක්වන ජල ප්‍රමාණය සහ පෝෂක ප්‍රදේශවලට ලැබෙන වැසි ප්‍රමාණය මත වාන් දොරටු විවෘත කරන ප්‍රමාණය සංශෝධනය වීමට ඉඩ ඇති බැවින්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශ නිකුත් කරන උපදෙස් අනුව ක්‍රියා කරන ලෙස මහජනතාවට දැනුම් දෙනු ලැබේ.