Tuesday, February 10, 2026
Follow Us
බැඳුම්කර හොරුන්ට කළයුතු නිවැරදි දේ නොකියා හදුනෙන්නි බයිලා කියනවා – ජාතික සංවිධාන

බැදුම්කර හොරුන්ට දඬුවම් දීම සඳහා නව අධිකරණයක් පිහිටුවිය යුතු බවට ” කෝප් ” සභාපති – පා.ම හදුන්නෙත්ති මහතා විසින් පාර්ලිමෙන්තුවේදී කළ ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ඊට ප්‍රතිචාර දැක්වූ වසන්ත බණ්ඩාර මහතාගේ වචන.

” හදුන්තෙන්නි මහත්තයා බයිලා කියනවා, කළ යුතු නිවැරදි දේ කියන්නේ නැතිව දැන් කළ යුත්තේ ජනාධිපති කොමිසමේ සාක්ෂි සෘජුව යොදාගනිමින් අල්ලස් පනත යටතේ වහාම නඩු දැමීම සඳහා එම පනත සංශෝධනය කිරිම මිස අළුත් අධිකරණ පිහිටුවීම නොවේ. එතුමාට අභියෝග කරනවා එතුමාට බොරු යෝජනා ගේන්නේ නැතිව පුළුවන්නම් මෛත්‍රීපාල ජනාධිපතිතුමා පාර්ලිමෙන්තුවට යොමුකළ අල්ලස් සංශෝධන පනත සම්මත කිරිම සඳහා එය පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන්න කියලා. “

(Lanka Leads)