Friday, May 03, 2024
Follow Us
ජනාධිපති ලේකම්ට බාගයක් ඇතිලු !

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සිය තනතුරට හිමි වැටපු හා වරප්‍රසාද අඩකින් පමණ අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති ලේකම් තනතුරට අදාල වැටුප් හා දීමනා සියල්ලේ එකතුව රුපියල් ලක්ෂ හතර හමාරක් (450,000) වේ. මීට අමතරව ජනාධිපති ලේකම්වරයාට නිළ වාහන 04 කට හා නිළ නිවාසයකටද හිමිකම් කීමට හැකියාව ලැ‍බේ.

කෙසේ වෙතත් පී.බී. ජයසුන්දර මහතා සිය වැඩුපෙන් අඩක්ම කපා හැරීමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයේ ගිණුම් අංශය ද දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ජනාධිපති ලේකම්වරයාට හිමි නිළ වාහන හතරෙන් එකක් පමණක් භාවිතා කිරීමට ඔහු තීරණය කර ඇති අතර නිළ නිවාසය ද ප්‍රතික්ෂ්පේ කරන බව දන්වා තිබේ. ඒ අනුව ජයසුන්දර මහතා සිය පෞද්ගලික නිවසේ සිට රාජකාරි සඳහා පැමිණීමට තීරණය කර ඇත.

මීට අමතරව හිටපු ජනාධිපති ලේකම්වරයෙකු මෙන්ම, වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශකයා ලෙස කටයුතු කරන ලලිත් වීරතුංග මහතා කිසිදු වැටුපක් හෝ වරප්‍රසාදයක් නොලබා ස්වෙච්ඡාවෙන් සේවය කරන බවයි වාර්තා වන්නේ.

(LNW)