Friday, May 03, 2024
Follow Us
දුර්ලභ සූර්යග්‍රහණයක් මේ මොහොතේ

වසර ගණනාවකට පසුව දිස්වන දුර්ලබ ගණයේ වළයාකාර සූර්යග්‍රහණය දැකබලා ගැනිමේ අවස්ථාව අද උදාවෙයි.

අද පෙරවරු 08.10න සිට පෙරවරු 11 පසුවන තෙක් මෙම සූර්යක් ග්‍රහණය දැකබලා ගැනිමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා ග්‍රහලෝකගාරයේ තාරකා විද්‍යා ප්‍රදර්ශක නාලක අබේසේකර මහතා සදහන් කළේය.

අවසන් වරට මෙවැනි සූර්යක් ග්‍රහණයක් 2010 වර්ෂයේදී දර්ශනය වී ඇති අතර නැවත වරක් මෙවැනි සූර්යක් ග්‍රහණයක් දැකබලා ගැනිමට හැකියාව පවතින්නේ 2031 වර්ෂයේ විම විශේෂත්වයකි.

මෙම සූර්යක් ග්‍රහණය දිස්වන්නේ ලෝකයේ රටවල් කිහිපයකට පමණක් වන අතර ශ්‍රී ලාංකික ජනතාවට එය පැහැදිලිව දැකබලා ගැනිමේ අවස්ථාව උදාවන බව නාලක අබේසේකර මහතා සදහන් කළේය.

(Lanka Leads)