Wednesday, February 04, 2026
Follow Us
එස් ටී එෆ් 50 කට යුද අපරාධ චෝදනා නගන වාර්තාවක් ජිනීවා වෙත

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 50 කට යුද අපරාධ චෝදනා එල්ල කරන රහස් වාර්තාවක් ප‍්‍රථම වරට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇත.

එම ලියවිල්ල සඳහා එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා මහත්මිය විසින් එම නිලධාරීන්ගේ නම් ඇතුළත් කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට එරෙහිව සිරකරුවන් ඝාතනය කිරීම ඇතුළු චෝදනා රැසක් එම වාර්තාව මගින් එල්ල කර ඇත.

එම පොලිස් නිලධාරීන්ට එරෙහිව 30 කට අධික පිරිසක් යස්මින් සුකා මහත්මියට සාක්‍ෂි ලබාදී ඇති බව කියයි.

(Lanka Leads)