Friday, May 03, 2024
Follow Us
සුනාමියට වසර 15යි… අනුස්මරණ උත්සවය අද පෑරලියේදී

පහළොස් වැනි සුනාමි අනුස්මරණ උත්සවය අද පෙරවරු 8 .45 ට තෙල්වත්ත පැරැලිය සුනාමි අනුස්මරණ ස්මාරකය අබියසදී දකුණු පළාත් ආණ්ඩුකාර විනී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ .

ආපදා කළමනාකරන ඒකකයේ අධ්‍යක්ෂක වබිලිව් .ඒ.ධර්මසිරි හා ගාලු මහා දිසාපති සෝමරත්න විදානපතිරණ යන මහත්වරුන් එක්ව සංවිධානය කරනු ලබන මේ උත්සවය ආපදා කළමනාකරන ඒකකයේ ගාලු දිස්ත්‍රික් සම්බන්ධිකරණ සහකාර අධ්‍යක්ෂක ලුතිතන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවිමෙන් මෙය පවත්වනු ලබයි .

මේ අවස්ථාවට දකුණු පළාතේ සර්ව ආගමික පූජකවරුන් මෙන්ම පළාතේ මහජන නියෝජිතවරුන් හා ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ උසස් නිලධාරීන්ද සහභාගිවිමට නියමිතය .

මීට වසර පහළවකට පෙර සුනාමි ව්‍යසනයට හසුවූ දුම්රියද මෙදින පැමිණිමට නියමිත අතර එහි සුනාමියෙන් මියගිය අයගේ නැහිතවතුන්ද පැමිණිමට නියමිතය.

සුනාමි දුම්රියෙන් පැමිණෙන අය සදහා සිසිල් බීම දන්සලක්ද මෙදින මීට සමගාමීව පැවැත්වෙන අතර එය තෙල්වත්ත පැරැලිය සුනාමි ස්මාරක කමිටුව හා ආපදා කලමනාකරන මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලබයි.

මින් අනතුරුව උත්සව සභාව ආරම්භ කෙරෙන අතර සුනාමි ව්‍යසනයෙන් මියගිය අය සිහිකිරීම හා සුනාමි අනුස්මරණ ස්මාරකයට පුෂ්පෝපාහාර දැක්වීමද සිදු කෙරේ .

(Lanka Leads)