“රැකෙන වෙරළ රැකගනිමු”යන සංකල්පයට අනුව දෙස් විදෙස් සංචාරකයින් අතර සුපතල මාතර වැලිගම වෙරළතීරය පැලෑන සිට කප්පරතොට දක්වා පිරිසිදු කිරීමේ ශ්රම මෙහෙයුම බලශක්ති නියෝජ්ය අමාත්ය අර්කම් ඉල්යාස් මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා(15) උදෑසන සිදු කෙරිණි.
වෙරළතීරය පුරා ඇති කුණු කසල එකතු කර ඒවා වඩාත් ක්රමවත්ව බැහැර කිරීමත්, වෙරළ ආරක්ෂක වෘක්ෂලතා නිසි නියම ක්රමවේදයකට කප්පාදු කිරීමත්, කාණු පද්ධති හා වතුර බැස යන ඇළමාර්ග සුද්ධ පවිත්ර කිරීමත් සංචාරකයින්ට ආකර්ශනීය වෙරළ තීරයක පහස විදීමට හැකිවන ලෙස ඊට අවශ්ය යටිතල පහසුකම් ක්රමවත් කිරීමේ අරමුණින් වීදි ලාම්පු සවිකිරීම හා පැළ සිටුවීමත් සිදුවිය.