Monday, November 17, 2025
Follow Us
බියගම  පුරන් වී ගිය කුඹුර අස්වැද්දීමට රජය මඟින් ආරම්භ කළ ව්‍යාපෘතිවල වර්තමාන තත්ත්වය පිළිබඳ සොයා බැලේ

රජය ආරම්භ කල පුරන්ව ගිය කුඹුරු නැවත අස්වැද්දීමේ ව්‍යාපෘතිය ය‍ටතේ බියගම කොක්කුළු වැව ආශ්‍රීත කුඹුරු යාය අස්වැද්දීම හා ගංවතුර පාලනය කිරීමේ වැඩ සටහන නිරීක්ෂණය කිරීමට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැමිණියේය.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල මහතා, බියගම ප්‍රාදේශීය සභාවේ නියෝජ්‍ය සභාපති සුගත් දිසානායක  මහතා සමඟ ප්‍රාදේශීය සභා නියෝජිතයින්ද මේ චාරිකාවට එක් වූහ.

වසර ගණනාවක සිට  කොක්කුළු වැව ආශ්‍රිත වෙල් යායේ ප්‍රධාන ඇල මාර්ගය හා අතුරු ඇල මාර්ග ගොඩ වී ගංවතුර කාල සීමාවේදී ජලය බැස යාම අවහිර වී තිබෙනවා. එම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ගැටළු රාශීයකට මුහුණ දීමට සිදු වේ. පහත් බිම් වල ඇති කෘෂී වගාවන්ටද ප්‍රබල ලෙස හානි සිදු වන අවස්ථාද බොහෝයි. විශේෂයෙන් කොක්කුළු වැව ආශ්‍රීත වෙල් යායේ වී ගොවිතැන් කිරීම ගොවීන් අත්හැර දැමීමද මෙය හේතු වී තිබෙනවා.

පළාත් සභා අරමුදල් යොදා ගෙන මෙම ඇල මාර්ග සියල්ල පිළිසකර කිරීම සිදු විය. ඒ සඳහා වැය කල පිරි වැය රුපියල් ලක්ෂ 20 කි.

වසර ගනනාවක් ගොවිතැන් කිරීම අත්හැර දැමීම හේතුවෙන් කුඹුරු යාය වල් බිහි වී ඇති නිසා නැවත  වගා කිරීමට විශාල පරිශ්‍රමයක් දැරිය යුතු වෙනවා. නමුත් ප්‍රදේශයේ ගොවි මහතුන් කුඹුරු යාය අස්වැද්දීම සඳහා මේ වන විට  වැඩ කටයුතු අරඹා තිබේ. මෙම කන්නයට අක්කර 10ක් වගා කිරීමට ඉලක්ක කර තිබෙනවා.

‍අනතුරුව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා රුපියල් දස ලක්ෂයේ ආධාර යටතේ බියගම මැතිවරණ කොට්ඨාසය තුළ ඉදිකිරීම් කටයුතු අරඹා ඇති නිවාසයක්ද නීරීක්ෂණය කිරීමට ගියේය. බියගම බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ සාම මාවතේ කිර්ෂණසාමී උමා මහත්මිය මෙම නිවාස ප්‍රතිලාභියයි. එම පවුලේ සාමාජිකයන්ද හමු වී අමාත්‍යවරයා නිවස ඉදිකිරීමට අවශ්‍ය අඩු පාඩු ගැනද විමසා සිටියා. ජාතික නිවාස අධිකාරිය මෙම නිවාස ඉදිකිරීම් සඳහා උපදෙස් හා අධීක්ෂණය සිදු කරයි.