Wednesday, February 11, 2026
Follow Us
පාසල් නිවාඩුව ගැන දැනුම් දීමක්

රජයේ සහ රජයේ අනුමත පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා වන තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙට (22) දිනයෙන් අවසන් වේ.

ඒ අනුව හෙටින් පසු පාසල් නිවාඩු වාරය ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර නිමා වන්නේ 2024.12.13 වන සිකුරාදා දින වන අතර එම දිනට පසු දා සිට එම පාසල්වල නිවාඩු කාලය ආරම්භ වේ.

සියලු ම පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කරමින් පාසල් නැවත ආරම්භ වන්නේ 2025 වර්ෂයේ ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා දිනයේ දී ය.