Wednesday, December 04, 2024
Follow Us
“මහජන දිනය” ZOOM ඔස්සේ

ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධ මහජන පැමිණිලි, තොරතුරු සහ පොලිස් නිලධාරීන්ගේ ගැටළු නිරාකරණය සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන “මහජන දිනය” සෑම සතියකම මුල් රාජකාරි දින මාර්ගගත ක්‍රමය ඔස්සේ (ZOOM තාක්ෂණය) පැවැත්වෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පැමිණිලි වලට අදාළ පොලිස් කොට්ඨාශවල ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහභාගී වේ.

අමාත්‍යාංශයට හෝ ගරු අමාත්‍යවරයාට ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් වන පැමිණිලි ලිඛිතවම ඉදිරිපත් කිරීමේ අවස්ථාව මෙහිදී මහජනතාවට හිමිවන අතර කීර්තිමත් පොලිස් සේවයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කිරීම මෙහි අරමුණයි.

ශ්‍රී ලංකා පොලිසියේ “මහජන දිනය” සම්බන්ධ ක්‍රියාවලිය මීටත් වඩා කාර්යක්ෂමවත්, විධිමත්වත්, විනිවිදභාවයෙනුත් වන පරිදි යාවත්කාලින කිරීමටත්, ඉදිරියට පවත්වාගෙන යාමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.