Friday, November 22, 2024
Follow Us
රජයේ දේපොළ අව­භා­වි­තය තොර­තුරු 1997ට දන්වන්න

රජයේ දේපොළ අව­භා­විත කිරීම, රජයේ දේපොළ සැඟ­වීම හෝ පැහැර ගැනීම් සම්බ­න්ධ­යෙන් වූ තොර­තුරු 1997 අංකය ඔස්සේ පොලි­සි­යට දැනු­ම්දී­මට මහ­ජ­න­තා­වට හැකි­යාව ඇති බව පොලිස් මූල­ස්ථා­නය සඳ­හන් කරයි.

මෙම දුර­ක­තන අංකය පසු­ගිය කාලයේ ක්‍රියා­ත්මක වූයේ යුක්තිය මෙහෙ­යු­මට අදා­ළව මත්ද්‍රව්‍ය ජාවා­රම සම්බ­න්ධ­යෙන් මහ­ජන තොර­තුරු ලබා ගැනී­ම­ටය. යුක්තිය මෙහෙ­යුම පොලි­සියේ ඉහළ නිල­ධා­රීන් කිහිප දෙනෙකු දේශ­පා­ලන වූව­ම­නා­ව­කට අනුව සිදු­කළ නාඩ­ග­මක් බව පෙනී ගිය බැවින් වැඩ බලන පොලි­ස්ප­ති­ව­රයා පත්වී­මත් සමඟ ඊට නැව­තීමේ තිත තැබිණි. ඒ වෙනු­වට පොලිස් ස්ථාන මට්ට­මින් ස්ථානා­ධි­ප­ති­වරු මෙන්ම පොලිස් අධි­කා­රී­වරු සහ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රුන්ට ඒ සම්බ­න්ධ­යෙන් වග­කීම් පව­රනු ලැබීය.

එසේ යුක්ති­යට නැව­තීමේ තිත තබා මාස­යක කාල­යක් ගෙවී යන විට යුක්තිය මෙහ­යු­මෙන් සිදු­කළ වැට­ලී­ම්ව­ලින් සොයා­ගත් ප්‍රමා­ණ­යට වඩා විශාල වශ­යෙන් මත්කුඩු මෙන්ම ගිනි අවි ද සොයා ගෙන අප­රාධ විස­ඳීමේ ප්‍රති­ශ­ත­යද ඉහළ ගොස් ඇති බව පොලිස් මූල­ස්ථාන තොර­තුරු සඳ­හන් කළේය.

මේ තත්ත්වය සැළ­කි­ල්ලට ගෙන වැඩ බලන පොලි­ස්ප­ති­ව­රයා පොලිස් නිල­ධා­රීන් සිදු කරනු ලබන වංචා, අල්ලස් ගැනීම් නිසි ලෙස පැමි­ණිලි විභාග නොකි­රීම් ආදී දූෂණ අක්‍ර­මි­කතා මෙන්ම විෂ­මා­චාර ක්‍රියා සම්බ­න්ධ­යෙන් මහ­ජ­න­තා­වට තොර­තුරු ලබා දීමට ද 1997 කෙටි දුර­ක­තන අංකය වෙන් කරනු ලැබීය.

ආරු­ගම්බේ ආශ්‍රී­තව ඊශ්‍රා­යල් ජාති­ක­යන් ඉල­ක්කර ගෙන ප්‍රහා­ර­යක් ඒල්ල කිරීමේ සූදා­න­මක් ඇති බවට වූ තොර­තු­රක් සමඟ මෙම දුර­ක­තන අංක­යට මෙරට සංචා­ර­ය­න්වල නිරත වන විදේ­ශි­ක­යන්ට සිදු­වන කර­දර හා හිරි­හැර සම්බ­න්ධ­යෙන් මෙන්ම ඔවුන්ගේ ආර­ක්ෂා­වට අදාළ තොර­තුරු මහ­ජ­න­තා­ව­ගෙන් මෙන්ම විදේ­ශි­ක­ය­න්ගෙන් ලබා ගැනී­මට ද මෙම 1997 දුර­ක­තන අංකය විවෘත කරනු ලැබීය.

මෙම දුර­ක­තන අංක­යෙන් ලබා­දෙන සේවාව තව­දු­ර­ටත් පුළුල් කිරීම තුළින් දැන් මෙම දුක­ර­තන අංක­යට රජයේ වාහන හා දේපොළ අව­භා­විත කිරීම් සම්බ­න්ධ­යෙන් තොරු­තරු ලබා­දිය හැකි බව පොලිස් මූල­ස්ථා­නය සඳ­හන් කරයි.

මෙම දුර­ක­තන අංකය මුලින්ම ශ්‍රී ලංකා පොලි­සිය යටතේ ස්ථාපිත කර ඇත්තේ 2020 වසරේ ජූලි 29 වැනිදා විෂ මත්ද්‍රව්‍ය මහා පරි­මාණ දූෂණ ක්‍රියා, ජාතික ආර­ක්ෂා­වට තර්ජ­න­යක් විය හැකි සංවි­ධා­නා­ත්මක අප­රධ කල්ලි ක්‍රියා­කා­ර­කම් සම්බ­න්ධ­යෙන් මහ­ජ­න­තා­වට තොර­තුරු ලබා­දී­මට බව පොලිස් මාධ්‍ය කොට්ඨා­සය සඳ­හන් කරයි.

පරි­සර වැරදි ගැන තොර­තුරු ලබා­දී­ම­ටත් විශ්ව­වි­ද්‍යාල හා උසස් අධ්‍යා­පන ආය­ත­න­තුළ සිදු­වන නවක වදය සම්බ­න්ධ­යෙන් තොර­තුරු ලබා­දී­ම­ටත් 2023 වසරේ සැත්තැ­ම්බර් 12 වැනිදා මෙම අංකය මහ­ජ­න­තා­වට හඳුන්වා දුන් බව ද පොලිස් මාධ්‍ය කොට්ඨා­සය සඳ­හන් කරයි.