ලොව පුරා හින්දු භක්තිකයන් මහත් බැතියෙන් සමරනු ලබන ආගමික උත්සවයක් වන දීපාවලී උත්සවය අදට (31) යෙදී තිබේ.
අයහපත පරදවා යහපතත්, අඳුර පරදවා ආලෝකයත් ජයග්රහණය කිරීම සැමරීම දීපාවලී උත්සවයේ ප්රධාන අරමුණයි.
ලොව පුරා හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ එම පහන්වල ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත්සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්රාර්ථනය පෙරදැරිවය.