Wednesday, February 11, 2026
Follow Us
ඌරන් ප්‍රවාහනයට සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කෙරේ

පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කර ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ, ඒ සඳහා කොට්ඨාස භාර පශු වෛද්‍යවරයෙකුගෙන් සෞඛ්‍ය සහතිකය ලබා ගත යුතු බවයි.

පවතින තත්ත්වය පාලනය සම්බන්ධයෙන් ඌරු ගොවිපල හිමියන් සමග අද (21) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ද ඇය සඳහන් කළා.

මේ දිනවල ඌරන් අතර ප්‍රජනන හා ස්වසන පද්ධතිය ආශ්‍රිත වෛරස් රෝගයක් පැතිරෙමින් ඇති අතර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර , වයඹ හා උතුරු මැද පළාත් ඇතුළු ප්‍රදේශ රැසකින් රෝගය වැළදුණු ඌරන් හඳුනා ගෙන ඇති බවයි.

රෝගය වැළඳී මිය ගිය ඌරන්ගේ මස් අනුභව කිරීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙයි.