Wednesday, February 11, 2026
Follow Us
බස්නාහිර ඇතුළු පළාත් 4ක ඩෙංගු මර්දන වැඩසටහනක්

ලබන ඔක්තෝබර් 24, 25 සහ 26 යන දිනයන් හිදී බස්නාහිර, වයඹ, උතුරු සහ නැගෙනහිර පළාත්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ ගංවතුරෙන් යටවූ ප්‍රදේශ වල ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

2024 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 41,128ක් වාර්තා වී තිබේ.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙන්.

ඒ අනුව බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් 17,472ක්.

මේ වන විට ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයන් 20 දෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ