Wednesday, February 11, 2026
Follow Us
ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) සමත් විය.

රාත්‍රී තරගයක් ලෙසින් මෙය දඹුල්ලේ දී පැවැත්විණි.

මෙම ජයත් සමග තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

ශ්‍රී ලංකාව ලැබූ මෙම තරගාවලි ජය සැලකෙන්නේ ශ්‍රී ලංකා - කොදෙව් විස්සයි20 තරග ඉතිහාසයේ ඔවුන් බ.ඉ. කොදෙව්වන්ට එරෙහිව ලැබූ පළමු තරගාවලි ජය ලෙසයි.