Wednesday, October 16, 2024
Follow Us
යල අස්වනු මංගල්‍ය 09 වැනි වරටත් මහනුවර දළදා මාළිගාවේදී

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය මගින් වාර්ෂිකව සංවිධානය කරන යල අස්වනු පූජාව ඊයේ (15) මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී පැවැත්විනි. යල කන්නයේ ගොවි ජනයා විසින් නෙලා ගත් වී අස්වැන්නේ අග්‍ර ඵලය දළදා සමිදුන් වෙත පූජා කිරීමේ අරමුණින් පැවැත්වෙන යල අස්වනු පූජාව සංවිධානය කරන්නේ  09 වැනි වරටයි.

අලුත් සහල් මංගල්‍යයට පෙර ඊයේ (15) පෙරවරුවේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජවක්ද සිදු කළ අතර, සතර මහා දේවාල මුරුතැන් පූජාවක්ද සිදු කරන ලදී. මෙම අවස්ථාවට සමගාමීව ඊයේ දිනයේදී දළදා මාළිගා පරිශ්‍රයේ පිහිටි වැල් බෝධින් වහන්සේ අභියස බෝධි පූජා පිංකමක්ද සංවිධානය කර තිබූ අතර, දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් ගිලන් පස පූජාවක්ද සිදු කෙරිණි.