Tuesday, October 15, 2024
Follow Us
හෘද සාක්ෂියට එකඟව රාජකාරිය කරන්න - මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත්

බය නැතුව හෘද සාක්ෂියට එකඟව රාජකාරිය කරන ලෙස  මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පොලිස් නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය. දේශපාලන බලපෑම්වලින් තොරව රාජකාරි කිරීම සඳහා ධෛර්යක් පොලිස් නිලධාරීන්ට තිබිය යුතු බවද අමාත්‍යවරයා පැවසීය. 

ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ මේ වන විට මූලික පුහුණුව ලැබූ ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් 116 සහ පොලිස් කොස්තාපල්වරුන් 1169 දෙනෙකු විසිර යාමේ උත්සවය මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාගේ සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගිත්වයෙන් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අළුවිහාරපිටියේදී ඊයේ (15) පැවැත්විණි. එම උත්සවයට  එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා  මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

බය නැතුව හෘද සාක්ෂියට එකඟව ඔබ රාජකාරිය කරන්න. අලුත් දේශපාලනය ක්‍රමය තුළ කිසිදු මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, ජනාධිපතිවරයෙක් අනීතික දේවල් කරන්න බලපෑම් කරන්නේ නෑ. ඒ නිසා ඔබටත් වගකීමක් තියෙනවා මේ තත්ත්වය තුළ නිවැරදිව රාජකාරිය ඉටුකරන්න."