Wednesday, February 11, 2026
Follow Us
වෛද්‍ය වික්ටර් හෙට්ටිගොඩ සමරු මුද්දරය හා මුල් දින කවරයක්  එළිදකී

හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ දේශබන්දු ආචාර්ය ආයුර්වේද වෛද්‍ය වික්ටර් හෙට්ටිගොඩ මහතා විසින් දේශීය හා විදේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටු කළ අගනා මෙහෙවර ඇගයීම උදෙසා ඒ මහතා වෙනුවෙන් නිර්මාණය වූ සමරු මුද්දරය හා මුල් දින කවරය එළිදැක්වීම පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී සිදු කෙරිණි.

මේ අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, හිටපු කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසක් එක්ව විය.