Wednesday, July 01, 2026
Follow Us
බිනර පුන් පොහොය අදයි
බිනර පුන් පෝය අදට ( සැප්තැම්බර් 17) යෙදී තිබේ.
 
කාන්තාවන්ට ශාසනික දොරගුළු විවර කරමින් භික්ෂුණී ශාසනය ආරම්භ කෙරුණේ අද වැනි බිනර පොහෝ දිනකයි. මහා ප්රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීමද මෙම උතුම් පොහෝ දිනයේ සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්.
 
ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්රජාපතී ගෝතමිය ප්රධාන කාන්තාවන්ට බුදු සසුනේ නිවන් මඟා විවෘත කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.
බිනර පොහොය දිනය නිමිති කරගෙන අද දිනයේ දිවයින පුරා සෑම වෙහෙර විහාරස්ථානයකම ආගමික වැඩසටහන් රැසක් සිදු කරයි.