Wednesday, February 11, 2026
Follow Us
"තිස්පන් ලක්ෂයක රැකියා සුරැකි ත්‍රෛපාර්ශවික එකඟතාවය" කෘතිය නියෝජ්‍ය කතානායක වෙත පිළිගන්වයි

කොරෝනා වසංගත සමයේ මෙරට පෞද්ගලික අංශයේ රැකියා ලක්ෂ 35ක් තර්ජනයට ලක්වූ අවස්ථාවේ, වෘත්තීය සමිති, හාම්පුතුන්, කම්කරු අමාත්‍යංශය එක්ව ත්‍රෛපාර්ශවික ගිවිසුමක් හරහා එම සියලු රැකියා සුරක්ෂිත කළ ඓතිහාසික ක්‍රියාදාමය ඇතුළත් 'දෙසරැස' ප්‍රකාශනයක් වන, "තිස්පන් ලක්ෂයක රැකියා සුරැකි ත්‍රෛපාර්ශවික එකඟතාවය" පර්යේෂණාත්මක කෘතිය, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා වෙත, පොතේ කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ විසින් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක කාර්‍යාලයේදී පසුගියදා (04) පිළිගන්වනු ලැබීය.

 

මෙම ගිවිසුමට නායකත්වය දුන්, කොරෝනා සමයේ මෙරට කම්කරු අමාත්‍යවරයා වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත, කෘතියේ පළමු පිටපත පිළිගන්වනු ලැබීය.