Monday, September 16, 2024
Follow Us
ලෝක තැපැල් දිනය 2024 - ජාතික මුද්දර ප්‍රදර්ශනය

2024 ලෝක තැපැල් දිනයට සමගාමීව පාසැල් දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් මුද්දර ප්‍රදර්ශනයක් පැවැත්වීමට මුද්දර කාර්යංශය කටයුතු සංවිධානය කර ඇත.

අධ්‍යපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම මුද්දර ප්‍රදර්ශක තරගාවලිය සදහා 5 සිට 13 දක්වා ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරු දැරියන්ට මුද්දර ප්‍රදර්ශක ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවේ.

මෙම ප්‍රදර්ශනයේ කොන්දේසි සහ අනෙකුත් විස්තර පහත සඳහන් දුරකතන අංකය ඇමතීමෙන් සහ විද්‍යුත් තැපැලට නම, ලිපිනය , සහ දුරකතන අංකය එවීමෙන් ලබා ගත හැකිය.

දුරකතන අංකය - 0112326163

විද්‍යුත් තැපැල් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

එමෙන්ම මෙම විස්තර www.slpost.gov.lk සහ www.stamps.gov.lk යන වෙබ් අඩවිවලට , www.fb.com/philatelicBureauSrilanka  Face Book පිටුවට පිවිසීමෙන් භාගත කර ගත හැක.