Saturday, April 25, 2026
Follow Us
දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවෙන් මහජනතාවට නිවේදනයක්

දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ කිහිපදෙනෙකු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වංචනික පුද්ගලයන් වෙත මුදල් ගෙවන ලද හෝ ස්ථානීය පරීක්ෂාවට ලක් වී ඇති බදු ගෙවන්නන් වහාම ඒ පිළිබඳ ආසන්නතම පොලිස්ථානයට පැමිණිලි කරන ලෙස ආදායම් බදු දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.